download (1) 

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා කාර්යය මණ්ඩලය බඳවා ගැනීම

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක කරනු ලබන තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියට  ව්‍යාපෘති කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

 තනතුරු පුරප්පාඩු :  

අනු අංකය තනතුර PIU SITE
01 ව්‍යාපෘති ඉංජිනේරු (සිවිල්) (PS4) 01 01
02 ව්‍යාපෘති ඉංජිනේරු (යාන්ත්‍රික) (PS4) 01
03 භූ තාක්ෂණික ඉංජිනේරු (PS4) 01
04 මානව සම්පත් කළමනාකරු (PS4) 01
05 භූ විද්‍යාඥ 01
06 ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී (PS5) 01
07 ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී (PS5) 01
08 ජ්‍යෙෂ්ඨ සමාජ නිලධාරී (PS5) 01
09 ප්‍රමාණ සමීක්ෂක 01
10 සංවර්ධන නිලධාරි 02
11 තාක්ෂණික නිලධාරී (PS6) 04
12 සමාජ නිලධාරී (PS6) 01
13 ඉඩම් නිලධාරී (PS6) 01
14 සැලසුම් ශිල්පී 01
15 ඉංජිනේරුමය ද්‍රව්‍ය සමීක්ෂක 01
16 කළමනාකරණ සහකාර (Supportive Staff) 02 01
17 රියදුරු (Supportive Staff) 02 01
18 කාර්යාල කාර්යය සහයක (Supportive Staff) 02 01

 

අධ්‍යාපන සුදුසුකම්, වැටුප් හා වෙනත් කොන්දේසි :

 

සියළු බඳවා ගැනීම් කොන්ත්‍රාත් පදනම මත රජයේ කළමනාකරණ සේවා චක්‍රලේක 01/2016 හි කොන්දේසි මත සිදු කරනු ලබන අතර බඳවා ගැනීමේ සුදුසුකම් වැටුප් හා දීමනා එම චක්‍රලේඛයේ සඳහන් පරිදි වන අතර නියමිත පළපුරුද්ද ඇති අයදුම්කරුවන් නොමැති අවස්ථාවල අඩු පළපුරුද්ද ඇති අයදුම්කරුවන් සුදුසු වැටුප් තලයක තබා බඳවා ගැනීම සලකා බලනු ඇත.

පොදු කොන්දේසි : 

විදේශීය අරමුදල් සපයන ජලසම්පත් සංවර්ධන ව්‍යාපෘතිවල රැකියා පළපුරුද්ද සහිත අයදුම්කරුවන්ට වැඩි අවධානය යොමු කරනු ලැබේ. 

රැකියා කොන්දේසි : 

මෙම බඳවා ගැනීම අවුරුද්දක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත සිදුකරන අතර නිලධාරියාගේ කාර්යසාධනය මත පත්වීම් කාලය දීර්ඝ කරනු ලැබේ. පත්වීමට අදාල අනිකුත් කොන්දේසි 2016.03.24 දිනැති කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2016 යටතේ පාලනය වේ.

අයදුම්පත් යොමුකිරීම  හා අවසන් දිනය :

අධ්‍යාපන හා වෘත්තීය සුදුුසුකම්, පළපුරුද්ද හා අනෙකුත් අදාල සියලු විස්තර ඇතුළත් කර ජීව දත්ත සටහන සමඟ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන්  ව්‍යාපෘති අධ්‍යක්ෂ(තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය),  වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, නො. 11,  ජාවත්ත පාර, කොළඹ 05 යන ලිපිනයට  2018.06.28 දිනට පෙර ලැබෙන පරිදි යොමු කළ යුතු අතර ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ ව්‍යාපෘතියේ නම හා  තනතුර සඳහන් කළ යුතුයි.

තව ද ලැබෙන අයඳුම්පත් සුදුසුකම් අනුව කෙටි ලේඛන ගතකර සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලබන අතර සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සුදුසු නිලධාරීන් තෝරාගැනීම සිදුකරනු ලැබේ. බඳවාගැනීම් සඳහා කිසිම ආකාරයකින් බලපෑම් සිදුකිරීම තනතුර සඳහා සුදුසුකම් නොලැබීමට හේතුවක් වේ.

 

 

ඉංජි. බී.ජී.ටී. ලසන්ත ගුරුගේ
ව්‍යාපෘති අධ්‍යක්ෂ
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
නො. 11, ජාවත්ත පාර
කොළඔ 05.

  

download (1)

Ministry of Irrigation and Water Resources & Disaster Management

Recruitment of Thalpitigala Reservoir Project

 

Applications are invited for the project Staff of following Thalpitigala Reservoir Project which will be implemented under the Ministry of Irrigation and Water Resources & Disaster Management.

Posts Vacant: 

No.

Post PIU SITE
01 Project Engineer (Civil) (PS4) 01 01
02 Project Engineer (Mechanical) (PS4) 01
03 Geo Technical Engineer (PS4) 01
04 Human Resources Manager (PS4) 01
05 Geologist 01
06 Senior Technical Officer (PS5) 01
07 Senior Environmental Officer (PS5) 01
08 Senior Social Officer (PS5) 01
09 Quantity Surveys 01
10 Development Officer 02
11 Technical Officer (PS6) 04
12 Social Officer (PS6) 01
13 Land Officer (PS6) 01
14 Draughtsman 01
15 Engineering Materials Survey 01
16 Management Assistant (Supportive Staff) 02 01
17 Driver (Supportive Staff) 02 01
18 Office Assistant (Supportive Staff) 02 01

 

 Educational Qualifications, Salaries and Other Conditions:

All the appointments will be for a period of one-year on contract basis and it would be extended based on the performance of the officer. Qualifications, Salaries and Allowances will be as mentioned in the Management Services Circular 01/2016. Priority will be given to the applicants who have experience in foreign funded Water Resources Development Project.

Application and Closing Date:

Interested applicants should sent their application and the Curriculum Vitae to Project Director (Thalpitigala Reservoir Project), Ministry of Irrigation and Water Resources & Disaster Management, No. 11, Jawatta Road, Colombo 05 in registered post on or before 28.06.2018.  Please consider it is compulsory to mention the applied post on the left hand side upper corner of the envelop.

 

Applicants will be called for an interview after shortlisting the received applications based on the qualifications. Any kind of an interference will be a disqualification.

 

 

Eng. B.G.T. Lasantha Guruge
Project Director
Thalpitigala Reservoir Project
Ministry of Irrigation and Water Resources & Disaster Management
No. 11, Jawatta Road,
Colombo 05.