තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා කාර්යය මණ්ඩලය බඳවා ගැනීම

    කෘෂිකර්ම, ග්‍රාමීයආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනඅමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා පහත සඳහන් නිලධාරීන්  බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

තනතුරු පුරප්පාඩු :

අනු අංකය තනතුර මුළු පුරප්පාඩු සංඛ්‍යාව රාජකාරී ස්ථානය
01 මානව සම්පත් කළමනාකරු (PS4) 01 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
02 ජ්‍යෙෂ්ඨ ඉඩම් නිලධාරී (PS5) 01 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
03 ජ්‍යෙෂ්ඨ  සමාජ නිලධාරී (PS5) 01 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
04 ඉංජිනේරුමය ද්‍ර‍ව්‍ය සමීක්ෂක (PS6) 01 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
05 ප්‍ර‍මාණ සමීක්ෂක (PS6) 01 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
06 තාක්ෂණික නිලධාරී (PS6) 03 කන්දකැටිය තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය

රැකියා කොන්දේසි :

මෙම බඳවා ගැනීම අවුරුද්දක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2019  යටතේ   සිදුකරන අතර නිලධාරියාගේ කාර්ය සාධනය මත සහ ව්‍යාපෘතියේ  අවශ්‍යතාවය මත පත්වීම් කාලය දීර්ඝ කිරීම සලකා බලනු ඇත.  

අධ්‍යාපන සුදුසුකම්, වැටුප් හා වෙනත් කොන්දේසි :

 තනතුරු වලට ආදාල සුදුසුකම් , වැටුප් දීමනා  ආදිය  කළමනාකරණ සේවා චක්‍රලේඛ 01/2019 හි   සදහන් පරිදි වේ.

පොදු කොන්දේසි :

විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතිවල රැකියා පළපුරුද්ද සහිත අයදුම්කරුවන් කෙරෙහි  වැඩි අවධානයක්  යොමු කරනු ලැබේ. දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් තමාගේ ආයතන ප්‍ර‍ධානියා හරහා තම අයදුම්පත යොමු කල යුතුවේ. එමෙන්ම මෙය විදේශ සමාගමක් සමග සිදුකරන ව්‍යාපෘතියක් බැවින් බඳවා ගන්නා නිලධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්ය  වන අතර සම්මුඛ පරීක්ෂණයේ දී එය පරීක්ෂා කරනු ලැබේ.

අයදුම්පත් යොමුකිරීම  හා අවසන් දිනය :

අධ්‍යාපන හා වෘත්තීය සුදුුසුකම්, පළපුරුද්ද හා අනෙකුත් අදාල සියලු විස්තර ඇතුළත් කර ජීව දත්ත සටහන සමඟ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ, තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කන්දකැටිය යන ලිපිනයට 2019 මැයි මස 07 වන දිනට ප්‍රථම ලැබෙන පරිදි යොමු කළ යුතු වේ. මෙම දිනට පසු ලැබෙන අයදුම්පත් ප්‍ර‍තික්ෂේප  කරනු ලැබේ. ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ ව්‍යාපෘතියේ නම හා  තනතුර සඳහන්  කිරීම අනිවාර්ය වේ.

තව ද ලැබෙන අයඳුම්පත් සුදුසුකම් අනුව කෙටි ලේඛන ගතකර සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලබන අතර සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සුදුසු නිලධාරීන් තෝරාගැනීම සිදුකරනු ලැබේ.

වැඩි විස්තර www.irrigationmin.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.

කිසිදු අයුරකින් බලපෑම් කිරීම අයදුම්පත ප්‍ර‍තික්ෂේප වීම සදහා හේතුවක් වේ.

ඉංජි. බී.ජී.ටී. ලසන්ත ගුරුගේ
ව්‍යාපෘති අධ්‍යක්ෂ
තල්පිටිගල ජලාශ ව්‍යාපෘති කාර්යාලය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
කන්දකැටිය .

චක්‍රලේඛ අංක 01/2019