fo
ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම (National Land Use Plan) එළිදැක්වීමේ සමාරම්භක වැඩමුළුව අද (10) දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ විය. රටේ ඉඩම් සම්පත් කාර්යක්ෂම සහ සාමූහිකව පරිහරණය කිරීම, දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ සංවර්ධන ක්‍රියාවලිය සවිබල ගැන්වීම, සහ ඉඩම් ගැටලු අවම කරමින් නාගරික සංවර්ධනය, කෘෂිකර්මාන්තය හා පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවයක් ගොඩනඟා ගැනීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ ලෙස දැනුම් දෙන ලදී. මෙම වැඩමුළුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් D.P. වික්‍රමසිංහ, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් කපිල කුමාර බණ්ඩාර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් J.D.S. ගුණවර්ධන සහ රජයේ විවිධ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සවිස්තරාත්මක මාර්ගෝපදේශය සහ කාර්යභාරයන් පිළිබඳ විශේෂ දැනුම්දීමක්ද සිදු කරන ලදී. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් ඉඩම් සම්පත් නියෝජිත ආයතන අතර සමගියෙන් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකින් කළමනාකරණය කරමින්, රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට හැකිවෙනු ඇතැයි වැඩමුළුවේදී අවධාරණය කරන ලදී.