2026.09.09

රාජ්‍ය සේවයේ සුපළිපන්නභාවය

දේශක තරිඳු ධනංජය


සුපළිපන්නභාවය යනු අල්ලස් හා දූෂණයෙන් වැළකීම පමණක් නොව, දෛනික රාජකාරියේදී සාධාරණ, වගකීම් සහගත හා වෘත්තීයමය ලෙස කටයුතු කිරීමයි.රාජ්‍ය සේවයේ සුපළිපන්නභාවය පිළිබඳ හරවත් දේශනයක් 2026.09.09 වන දින දේශක තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලැබීය. එහිදී රාජ්‍ය නිළධාරියෙකු කෙසේ විය යුතුද, සද්භාවය ඹප්පු වන අවස්ථා, සුපළිපන්නභාවය අභියෝගයට ලක් වන අවස්ථා, ලංකාවේ සුපළිපන්න චරිත, සුපළිපන්නභාවය වැඩිදියුණු කිරීමට පුද්ගල මට්ටමේ ක්‍රියාමාර්ග යනාදී වැදගත් කරුණු සාකච්ඡා කරන ලදී මෙම වැඩසටහනට වාරිමාර්ග අංශයේ අතිරේක ලේකම් එච්. පී සුමනසේකර මයා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්. කේ. ජී නිරෝෂණා මිය, කෘෂිකර්ම අධ්‍යක්ෂ එල්. කේ හෙට්ටිආරච්චි මිය සහ සංවර්ධන නිළධාරීන් මෙම දේශනයට එක් වූහ.