2025-10-22

කතරගම පිහිටි ජී. රාජපක්ෂ නිවස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිරීක්‍ෂණය

කතරගම පිහිටි ජී. රාජපක්ෂ නිවස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතාගේ නිරීක්‍ෂණයට ලක්වෙයි.

එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතා මෙසේ අදහස් පළ කළේය. මේ නිවස රජයට පවරා ගත්තට පස්සේ මේක ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වෙලා තියෙනවා. ජී. රාජපක්ෂ නමැත්තා විසින් ඉදිකළා යැයි කියන මේ නිවස ගැන පොදුවේ අපි අනුගමනය කරන ප්‍රතිපත්තිමය කාරණා ටිකක් තියෙනවා. එහිදී මේක ඉදිකළ තැනැත්තාගේ දේශපාලනය හෝ ඔහුගේ තරාතිරම අපට අදාළ නැහැ. රටේ නීතිය ස්ථාපිත කරන්න වගේම රටේ විධිමත්භාවය ඇති කිරීම සඳහා අනීතිකව ඉදිකරපු ඉදිකිරීම් සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා."

එහි එක් අවස්ථාවක් තමයි, මේ කතරගම මැණික් ගඟ අසබඩ ඉදිකළ නිවස. ඉතිහාසයේ තිබුණු දේශපාලන අතපෙවීම් සහ බලපෑම් හමුවේ තමයි මේක ඉදිකළා කියලා අපට අනාවරණය වෙලා තියෙන්නේ. මේක මැණික් ගඟ ආසන්නයේම තියෙන වාරිමාර්ගයට අයත් රක්ෂිත භූමියක තමයි ඉදිකරලා තියෙන්නේ. වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැත්තෙන් හොයලා බලද්දි කිසිදු අවසරයක් අරගෙන නැහැ. ගම් මට්ටමේ ඉඳන් බලද්දි කිසිදු පරිපාලනයකින් අවසර අරන් නැහැ."

ගමේ හිටපු ග්‍රාම නිලධාරීතුමා එක වෙලාවක මේ ඉදිකිරීමට විරුද්ධ වෙද්දී, ඔහු සම්බන්ධයෙන් එවකට තිබුණු දේශපාලන අධිකාරිය යම් ක්‍රියාමාර්ගයක් අරගෙන, බලය පාවිච්චි කරලා කිසි නිලධාරියෙකුට මෙම භූමියට ඇතුල් වෙන්න නොදී මේ ඉදිකිරීම් කරලා තියෙන්නේ. මේ ඉදිකිරීම් දේශපාලන බලයක් පාවිච්චි කරලා තමන්ට තිබුණු දේශපාල හයිය පාවිච්චි කරලා අනවසරයෙන් ඉදිකරපු ඉදිකිරීමක්." නමුත් අපි නීතිය ක්‍රියාත්මක කළා. මේ නීතිය ක්‍රියාත්මක කරද්දි ඒකෙ හිමිකාරීත්වය පිළිබඳ ගැටළුවක් තියෙනවා. මේක ඉදිකරපු කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. මෙහිදී සමාජයට දෙන පණිවිඩය තමයි දේශපාලනඥයෝ කවුරු හරි මේක ඉදි කළා නම් රටේ නීති උල්ලංඝනය ඉදිකරලා තියෙන්නේ. මේක රටේ ආර්ථිකයටත් බලපාන කාරණයක්. එවැනි කාරණා කරලා නීතිය ක්‍රියාත්මක කරද්දී කොන්දක් නැහැ, මේකට අයිතිවාසිකම් කියලා මේක සම්බන්ධයෙන් වගකීම් බාරගන්න දේශපාලන බලය පාවිච්චි කරලා අනීතිකව කරපු ක්‍රියාවලියක අයිතිය භාර ගන්නවත් අද කෙනෙක් නැහැ."

රටේ ධනය නාස්ති කරලා, නීති උල්ලංඝනය කරලා වාරිමාර්ගය සතු ඉඩම්වල බලහත්කාරකමින් ගෙවල් හදලා, කාලයක් පදිංචි වෙලා හිටපු නිවසට නීතිය ක්‍රියාත්මක වෙද්දී අයිතිවාසිකම් කියන්න ඉදිරිපත් නොවන කොන්දක් නැති මිනිස්සු තමයි, මේ ඇවිල්ල ඔවුන්ගේ ගෝල බාලයන් එක්ක වෙනසක් කරන්න ඕන කියලා කියන්නේ. දැන් මේක වාරිමාර්ගයට පැවරිලා තියෙනවා. මම නියෝජ්‍ය ඇමතිවරයා විදිහට මට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒකයි මෙතනට ආවේ. ඉස්සරහට මේක ජනතාවට ඵලදායී ල ව්‍යාපෘතියක් වශයෙන් යොදාගන්න කටයුතු කරනවා. ඒ සඳහා සැලසුම් සකස් කරනවා. අපි රටේ ජනතාවට කියනවා ජනතාව විශ්වාස කරපු විදියට මෙවැනි අනීතික දේවල්වලට අපි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ජනතා බලාපොරොත්තු ඉෂ්ට කළා කියන සතුට දේශපාලන අධිකාරිය විදිහට අපට තියෙනවා.ඉදිරියේදීත් මේ වගේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන්න අපි සූදානමින් සිටිනවා.