2026.09.09

ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා ජාවත්ත පරිශ්‍රයට පැමිණේ.





කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ දැනට පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය හා සමාලෝචනයක් 2026.09.09 වන දින ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාවත්ත පරිශ්‍රයේදී පැවැත්විණි. අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් රැස්ව ව්‍යාපෘතියන්හි ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව හා ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමේදී පැන නඟින ගැටලු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ අතර එම රැස්වීම සාර්ථකව නිමා විය.