நீர்ப்பாசனத் துறை
Menu
Welcome
Home
About
History
News
Gallery
Video Gallery
Image Gallery
Ongoing Projects
INSTITUTES
State Ministry of Tanks, Reservoirs and Irrigation Development related to Rural Paddy Fields
Irrigation Department
Irrigation Management Division
Kothmale International Training Institute
Contact
Map
News
Home
News
2026-10-02
උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්යාපෘතියේ කුඩා ඔය ජලාශය ජනතා අයිතියට: පවුල් 5,000කට ප්රතිලාභ රැසක්
මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල කෘෂිකාර්මික හා පානීය ජල අවශ්යතා සපੁਰාලමින්, උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද ‘කුඩා ඔය ජලාශය’ නිල වශයෙන් ඊයේ (02) දින ජනතා අයිතියට පැවරීම සිදුවිය.
රුපියල් මිලියන 22,017ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මඟින් ප්රදේශයේ ප්රතිලාභී පවුල් 5,000කට පමණ සෘජු හා වක්ර ප්රතිලාභ හිමි වේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද විදුලි බලාගාරයෙන් විදුලිය උත්පාදනය කිරීමෙන් පසු නිකුත් කෙරෙන ජලය කිරිඳි ඔය ගංඟා ද්රෝණියට හැරවීම මෙම ව්යාපෘතියේ ප්රධාන සංකල්පයයි. එම ජලය අලිකොටආර, හඳපානාගල සහ කුඩා ඔය යන ප්රධාන ජලාශ ත්රිත්වය හා බැඳුණු මහා වාරි පද්ධතියක් ඔස්සේ ගෙන යමින් මොනරාගල දිස්ත්රික්කයේ කෘෂිකාර්මික හා පානීය ජල අවශ්යතා සපුරාලීමට කටයුතු යොදා ඇත.
එමෙන් ම වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ කාර්ය මණඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරිමේ විශේෂ වැඩමුළුවක් ද මීට සමගාමීව පැවැත්විණි.මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ දිවයින පුරා සේවයේ නියතු කාර්ය මණ්ඩලය සහ මහවැලි උපදේශක කාර්යංශයේ කාර්ය මණ්ඩලයද එක් ව සිටියහ.
හඳපානාගල වම් සහ දකුණු ඉවුරු ඇළ, අලිකොටආර හැරවුම් ඇළ මාර්ගය සහ කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ මාර්ගය ඔස්සේ යල සහ මහ කන්න දෙක සඳහා අක්කර 21,038කට වාරි ජලය සැපයේ.ජනතාවගේ පානීය ජල අවශ්යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 10ක පමණ ජල ප්රමාණයක් වෙන් කර ඇත. වැල්ලවාය සහ තණමල්විල ප්රදේශවල පෝෂක ඇළ පද්ධති ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම සිදු කරන අතර, ග්රාමීය වැව් 58ක් සහ ඊට අදාළ වාරි පද්ධති පුනරුත්ථාපනය කෙරේ.
හම්බන්තොට දිස්ත්රික්කයේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජල සුරක්ෂිතතාව තහවුරු කෙරෙන අතර, ප්රධාන ජලාශවල ධීවර සමිති පිහිටුවා මිරිදිය මත්ස්ය කර්මාන්තය නැංවීමට ද පියවර ගෙන තිබේ.
කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ වර්තමානය වන විට රට තුළ සහල් හිඟයක් නොමැති අතර සහල් අතිරික්තයක් පවතින බවයි. එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරමින් ජාතික වගා සැලැස්මකට යා යුතු බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා අදහස් පළ කළේය.
“අපිට දැන් සහල් හිඟයක් නැහැ, අතිරික්තයක් තියෙනවා. අපි මේක අඩුත් නොකර වැඩිත් නොකර තියාගන්න හොඳ කළමනාකරණයක් අවශ්යයි. ජාතික වශයෙන් වගා කළ යුත්තේ මොනවාදැයි තීරණය කර අමාත්යාංශය මඟින් වගා කිරීම පාලනය කරමින් ජාතික සැලැස්මකට යා යුතුයි.”
“දැනට ලංකාවේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය දැවැන්ත කර්මාන්තයක් බවට පත්වෙලා තියෙනවා. ඊට අවශ්ය සත්ව ආහාර ලෙස බඩඉරිඟු වගාව ඉතා වැදගත්. අපට අවශ්ය බඩඉරිඟුවලින් රට තුළ නිෂ්පාදනය කරන්නේ අඩක් පමණයි. කුඹුරුවල බඩඉරිඟු වගා කළහොත් ආනයනය නවතාගත හැකියි. කුඹුරු වගාවට වඩා බඩඉරිඟු වගාව වාණිජමය වශයෙන් ලාභදායී.”
“අප බලයට පත්වූ වහාම කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වවනවා නම් හෙක්ටයාරයකට රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් දුන්නා. වී වගාවට ලබාදෙන සහනාධාරය අතිරේක බෝග වගාවටත් ලබාදීම කෙරෙහි දැනට සාකච්ඡා පවතිනවා.”
“අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ. තියෙන ඉඩම්වල අස්වැන්න ඉහළ නැංවිය යුතුයි. අක්කරයකින් වී බුසල් 60ක් නෙළාගැනීම ප්රමාණවත් නැහැ; අඩුම තරමින් බුසල් 120ක්වත් ලබාගත යුතුයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුගමනය කරන්න. ගොවිතැන ලාභදායී කරගැනීමට අස්වැන්න වැඩි කරගත යුතු අතර පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.”
මෙම අවස්ථාවට දේශපාලන අධිකාරිය සහ නිළධාරීන් එක් විය.
මාධ්ය ඒකකය