Kaluganga Left Bank  Development Project

    The water requirement for the Kaluganga left bank Development project is met by constructing Kaluganga reservoir across Kalu ganga, having capacity of 15.85MCM in the upper catchment. And transfer water through 25km long cannel to feed minor tanks such as Janaranjana tank, Sinha tank, Suriya tank, Kanthi tank, Kurungupanchankulam tank, Wellankulam tank and Pattiyamuthukulam tank. Furthermore, it is plan to augmenting some of the minor tanks in the lower cascade in Kanthale and Kinniya Division. The project cost is 6250 Sri Lankan rupees million and the fund is granted by The Saudi Funds for Development.

Under this project it is proposed to provide Irrigation facilities to 3300 acres of new lands for Thinaraveli area and providing deficit water for cultivating both Yala & Maha seasons for  existing paddy lands of 3800 acres under Janaranjana wewa and two cascade systems. Other than providing irrigation facilities 2MCM of water is allocated for domestic water needs of 6500 families in the project area.

By now, construction of the project office is being carried out and approved staff is appointing as per the requirement. Procurement of consultancy services for the project is in progress. Surveying activities of water spread area at Kaluganga reservoir is successfully completed. The Environmental Impact Assessment  (EIA) study is being processed and 90% of the work has been completed.

 

කළු ගඟ වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය

     මහවැලි ගඟේ අතු ගංගාවක් වන කළු ගඟ හරහා ඝන මීටර මිලියන15.85 ධාරිතාවකින් යුත් කළු ගඟ ජලාශය ඉදිකිරීමත් එහි ජලය කි.මී.25 දිග පෝෂිත ඇලක් මඟින් රුගෙන යමින් ජනරංජන වැව, සිංහ වැව, සූරිය වැව, කාන්ති වැව, කුරුන්ගුපන්චන්කුලම්, වෙල්ලාන්කුලම්, පට්ටියානත්තුකුපම් යන එල්ලංගා පද්ධති 02ක කුඩා වැව්වලට ජලය සැපයීම වේ. තවද ඉහත සඳහන් කුඩා වැව්වල ධාරිතාව වැඩි කිරීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.  මෙම ව්‍යාපෘතියෙහි පිරිවැය රු.මි.6250ක් වන අතර සංවර්ධන සවුදි අරමුදල (Saudi Fund for Development) ආයතනය මඟින් මේ සඳහා ආධාර ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් තිනරවේලි ප්‍රදේශයේ නව අක්කර 3300ට වී වගාව සඳහා වාරි ජල සැපයීමත් හා ඉහත සඳහන් කර ඇති කුඩා වැව් වල දැනට මහ කන්නයේ පමණක් පූර්ණ වශයෙන් වගාකරනු ලබන අක්කර 1800 ප්‍රමාණයකට යල මහ දෙකන්නයම සඳහා ජලය ලබා දීමත් ජනරංජන වැවේ  අක්කර 2000ක් සඳහා යල කන්නයට හිඟ ජලය ලබාදීමත් වාර්ෂිකව ඝන මීටර මිලියන 2ක පානීය ජල පහසුකම් සැපයීමත් මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වේ

දැනට අනුමත ව්‍යාපෘති කාර්යය මණ්ඩලය අවශ්‍යතාවය පරිදි පත්කිරීමත්, ව්‍යාපෘති කාර්යාලය ඉදිකිරීමත් සිදුකරමින් පවතී. ව්‍යාපෘති සඳහා උපදේශන සේවා සපයන සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදු කරමින් පවතන අතර කළු ගඟ ජලාශයේ ජල පැතුරුම් ප්‍රදේශය මැනුම් කිරීම සහ අනෙකුත් මිනුම් කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදුකර අවසන් වේ. පාරිසරික බලපෑම් ඇගයීම සිදුකරමින් පවතින අතර  මේ වනවිට 90%ක් පමණ කාර්යයන් නිමකර අවසන් අදියරේ පවතී.

kaluganga