Pilot project on Establishment of Ground Water Monitoring Network 

   The use of water resources is rapidly increasing and potential of water pollution also increases day by day, it is necessary to manage the Ground water in Sri Lanka. This requires data on the quality and quantity of ground water, and for this purpose “pilot project on establishment of ground water monitoring network” is implemented in selected three districts of the country.

This project will construct Ground Water Monitoring Network in three river basins of Malwathu Oya, Maduru Oya and Kumbukkan Oya in Anuradhapura, Polonnaruwa and Monaragala District. The estimated cost of this project is EURO 20.63 million of which 85% is granted by Netherland Rabo Bank.

By now project management unit of Water Resources Board (PMU) and project steering committee has been appointed. The advance payment of 15% of the contract value was paid to the contractor on 10th March 2018. According to action plan of the project the first activity of basic investigation work is currently being carried out and 60% of the work has already been completed.

භූගත ජල විමංසන ජාලයක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය

    භූගත ජල සම්පත පරිහරණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත්, ජල දූෂණය හේතුවෙන් ජල සම්පත තර්ජනයට ලක්වීමට ඇති අවකාශයත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූගත ජලය නිසි කළමනාකරණයකට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අවශ්‍ය වන අතර, ඒ සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 03ක ‘භූගත ජල විමංසන ජාලයක්’ ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය  ක්‍රියාත්මක වේ.

මෙම  ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් භූගත ජලය දූෂණය වීම හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ගංගා ද්‍රෝණි තුනක භූගත ජල විමංසන ජාලයක් ඉදි කෙරෙනු ඇත. මල්වතු ඔය, මාදුරු ඔය හා කුඹුක්කන් ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 20.63ක් වන අතර එයින් 85%ක ප්‍රමාණයක් මූල්‍යනය කිරීම සඳහා නෙදර්ලන්තයේ රාබෝ බැංකු‍ව එකඟතාව පළ කර ඇත.

ව්‍යාපෘතියේ ක්‍රියාකාරී සැලැස්මට අනුව පළමු ක්‍රියාකාරකම වන මූලික අධ්‍යයන කටයුතු මේ වන විට විදේශීය සමාගමක් විසින්  ජල සම්පත් මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හා සම්බන්ධව සිදු කරමින් පවතින අතර මූලික අධ්‍යනය කටයුතු වලින් 60%ක පමණ අවසන් කර ඇත.

GWMNWP